FAST NEWS

24×7 Around the Globe

හෙට (08) කළුතර ප්‍රදේශ රැසකට ජල සැපයුම අත්හිටුවයි..

 (ෆාස්ට් නිව්ස් | කොළඹ) – හෙට (08) පෙරවරු 8.00 සිට පැය 12 හමාරක කාලයක් හදිසි නඩත්තු කටයුත්තක් හේතුවෙන් කළුතර ප්‍රදේශ රැසකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය ප්‍රකාශ කරයි.
මේ අනුව වාද්දුව, වස්කඩුව, කළුතර – උතුර  හා දකුණ, කටුකුරුන්ද, නාගොඩ, බේරුවල, අලුත්ගම, දර්ගා නගරය හා බෙන්තොට යන ප්‍රදේශවලට මෙලෙස ජල සැපයුම අත්හිටුවනු ඇති.
මීට අමතරව පයාගල, පිලමිනාවත්ත, බෝඹුවල, මග්ගොන, කළුවාමෝදර හා මොරගල්ල යන ප්‍රදේශවලට ද හෙට (08) පෙරවරු 8.00 සිට රාත්‍රී 8.30 දක්වා ජල සැපයුම අතහිටුවන බවයි ජල සම්පාදන මණ්ඩලය සදහන් කළේය.