FAST NEWS

24×7 Around the Globe

කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානය අද (07) සිට විවෘත කෙරේ..

(ෆාස්ට් නිව්ස් – කොළඹ) – පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට ලක්වු කොළඹ කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානය අද (07) සිට බැතිමතුන්ට විවෘත කෙරෙන බව ශ්‍රි ලංකා නාවික හමුදාව පවසයි.
එ අනුව පෙරවරු 07 සිට රාත්‍රී 07දක්වා ආගමික වතාවත් සිදු කළ හැකි බවත් දිව්‍ය පුජාවන් නොපැවැත්වෙන බවද නාවික හමුදාව සඳහන් කරයි.
දේවස්ථානයට පැමිණෙන බැතිමතුන්ගේ ආරක්ෂාව සදහා විශේෂ වැඩ පිළිවෙළක් සකසා ඇතැයිද ඒ අවට දැඩි ආරක්ෂාවක්ද යොදවා ඇතැයි නාවික හමුදාව සදහන් කළේය.