FAST NEWS

24×7 Around the Globe

රටේ තත්ත්වය සම්බන්ධයෙන් කල් තැබීමේ විවාදය අද (07)..

 (ෆාස්ට් නිව්ස් | කොළඹ) – මේ වන විට රටේ පවතින වර්තමාන තත්ත්වය පිළිබදව අද (07) සහ හෙට (08) පාර්ලිමේන්තුවේ කල් තැබීමේ විවාදයක් පැවැත්වීමට නියමිතය.
කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (06) රැස්වූ පක්ෂ නායකයින් ඊට එකඟතාව පළ කර ඇති අතර, ඒ අනුව අද පස්වරු 1.00 ට පාර්ලිමේන්තුවේ කල් තැබීමේ විවාදය ආරම්භ වනු ඇත.
මෙහිදී එකිනෙකා කෙරෙහි අවලාද නොනගා වගකීමෙන් යුතුව විවාදයට එක්වන ලෙසට සියළු මන්ත්‍රීවරුන් දැනුවත් කරන ලෙසට ද කථානායකවරයා සියළු පක්ෂ නායකයින්ගෙන් ඉල්ලා සිටියේය.