FAST NEWS

24×7 Around the Globe

ගින්නකින් කිරිබත්ගොඩ වෙළදසැල් 03 ක් සම්පූර්ණයෙන් විනාශයි..

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  කිරිබත්ගොඩ නගරයේ වෙළඳසැල් 03 ක ඊයේ (06) රාත්‍රියේ දී හටගත් විදුලි කාන්දුවක් හේතුවෙන් හටගත් ගින්නෙන් සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බව පොලිසිය සදහන් කරයි.
ප්ලාස්ටික් භාණ්ඩ අලෙවි කරන වෙළදසැලක ප්‍රථමයෙන්ම මෙම ගින්න හටගෙන ඇති අතර , ඊට පසුව පළතුරු අලෙවි සැලකට සහ තවත් වෙළදසැලකට පැතිර ගොස් ඇති බව පොලීසිය පවසයි.
මෙමගින් කිසිදු ජීවිත හානියක් සිදුවී නොමැති අතර , ගින්න නිවීම සඳහා ගම්පහ ගිනි නිවීමේ ඒකකයේ නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් එක්ව කටයුතු කර තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ක්‍රියාත්මකයි.