FAST NEWS

24×7 Around the Globe

මීගමුවේ ඇතිවූ සිද්ධියට සම්බන්ධ දෙදෙනෙකු අල්ලයි…

 (ෆාස්ට් නිව්ස් | කොළඹ) –  ඊයේ (05) පස්වරුවේ මීගමුව – කොච්චිකඩේ පෝරුතොට ප්‍රදේශයේ ඊයේ (05) ඇතිවූ නොසන්සුන්කාරී සිද්ධියට සම්බන්ධ පුද්ගලයන් දෙදෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මීට අදාළ තවත් සැකකරුවන් කිහිපදෙනෙකු හඳුනාගෙන ඇති බවත් පොලීසිය පවසයි.
පෝරුතොට ප්‍රදේශයේදී පුද්ගලයන් දෙදෙනෙකු අතර ඇතිවූ බහින්බස්වීමක් දුරදිග ගොස් එය ගැටුමක් දක්වා වර්ධනය වූ අතර , එම ප්‍රදේශයට අද පෙරවරු 7 දක්වා පොලිස් ඇදිරි නීතියද පනවනු ලැබීය.