FAST NEWS

24×7 Around the Globe

ඩෙංගු මර්දන සතිය දින තුනකට සීමා වෙයි..

(ෆාස්ට් නිව්ස් –  කොළඹ) – සැම වසරක ම පවත්වනු ලබන ජාතික ඩෙංගු මර්දන සතිය මෙවර දින තුනකට සීමා කිරිමට තිරණය කොට ඇති බව ඩෙංගු මර්දන විශේෂ ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය හසිත තිසේරා අද (06) දින සෞඛ්‍ය අධ්‍යාපන කාර්යංශයේ  පැවති මාධ්‍ය හමුවකදී පැවසිය.
මේ අනුව මෙවර ජාතික ඩෙංගු මර්දන සතිය මැයි මස 8,9 හා 10 යන දිනවල දිස්ත්‍රික් 18ක  පැවැත්විමට කටයුතු යොදා ඇති බවද හෙතෙම පැවසීය.
මෙවර ත්‍රිවිධ හමුදාව,පොලිසිය හා සිවිල් සේවා බලකාය රටේ පවතින  තත්ත්වය හේතුවෙන් සහභාගි කර ගැනිමට නොහැකි විම හෙතුවෙන් ඒ සඳහා ක්ෂේත්‍ර සෙඛ්‍ය නිලධාරින්, සර්වෝදය හා රතු කුරුස නිලධාරින් සහයෝගය දක්වනු ලබන බවද එ මහතා සඳහන් කළේය.