FAST NEWS

24×7 Around the Globe

පොලිස්පතිවරයාට සිතාසි නිකුත් කරයි…

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මේ වන විට අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර, හිටපු මුදල් අමාත්‍යාංශ ලේකම් පී.බී. ජයසුන්දර සහ දූෂණ විරෝධී කමිටුවේ අධ්‍යක්ෂ මණ්ඩලයට මේ මස 13 වනදා පෙනී සිටි ලෙස ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය අද (06) සිතාසි නිකුත් කරනු ලැබීය.
ඒ, හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ලෙස කටයුතු කළ ගාමිණී සෙනරත් ඇතුළු තුන් දෙනෙකුට එරෙහිව ගොනු කර ඇති නඩුවක් සම්බන්ධයෙන් සාක්ෂි ලබා දීමටයි.
ලිත්‍රෝ ගෑස් සමාගමේ රුපියල් මිලියන 500ක මුදලක් අවභාවිතා කළ බවට හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණී සෙනරත් ඇතුළු තුන් දෙනාට එරෙහිව නීතිපතිවරයා විසින් මෙම නඩුව පවරා තිබේ.