(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කොළඹ ෂැංග්‍රීලා හෝටලයට බෝම්බ ප්‍රහාරයක් එල්ල කළ ත්‍රස්තවාදියාට අයත් වැල්ලම්පිටිය තඹ කර්මාන්ත ශාලාවේ සේවය කළ සේවකයින් 10 දෙනාගෙන් 9 දෙනෙකු ඇප මත මුදා හැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා අද දින නියෝග කර තිබේ.
ඒ අනුව එම සැකකරුවන් රුපියල් ලක්ෂ 5 බැගින් වූ මුදල් ඇප මත විදේශ ගමන් තහනම් කර මුදා හැරීමට මහේස්ත්‍රාත්වරයා තවදුරටත් නියෝග කර ඇත.








