(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මීගමුවේ ඊයේ (05) දී ඇතිවූ ගැටළු හේතුවෙන් පොදු සහ පුද්ගලික දේපළවලට අලාභහානි සිදුවූ ඇති හෙයින් ඒ සඳහා වන්දි ගෙවීමට අග්රාමාත්යතුමා විසින් අදාළ අංශ වෙත උපදෙස් ලබා දී ඇති බව අග්රාමාත්ය කාර්යාලය පවසයි.
සිදුව ඇති අලාභහානි තක්සේරු කිරීමෙන් අනතුරුව ජාතික ප්රතිපත්ති, ආර්ථික කටයුතු, නැවත පදිංචි කිරීම් හා පුනරුත්ථාපන, උතුරු පළාත් සංවර්ධන සහ යෞවන කටයුතු අමාත්යංශය යටතේ ඇති හානි පූර්ණය සඳහා වන කාර්යාලය මඟින් මෙම ක්රියාමාර්ගය ගන්නා බව අග්රාමාත්ය කාර්යාලය වැඩිදුරටත් කියා සිටියි.
කෙසේවෙතත් මේ වනවිට ප්රදේශයේ තත්ත්වය යහපත් අතට හැරි ඇති බව ආරක්ෂක අංශ සඳහන් කරයි.








