FAST NEWS

24×7 Around the Globe

පාසල් සිසුන්ගේ සහභාගිත්වයෙන් වෙසක් සතිය සැමරීමට සැලසුම්..

 (ෆාස්ට් නිව්ස් | කොළඹ) – මෙවර ජාතික වෙසක් සතියට සමගාමීව පාසල් සිසුන්ගේ සහභාගිත්වයෙන් වෙසක් සතිය සැමරීමට අධ්‍යාපන අමාත්‍යංශය සැලසුම් කර තිබේ.
මෙහිදී රටේ පවතින තත්ත්වය සැලකිල්ලට ගෙන සුදුසු ආකාරයකට වෙසක් සතිය සැමරීමට අවශ්‍ය උපදෙස් විදුහල්පතිවරුන්ට යොමු කරන බව අධ්‍යාපන අමාත්‍යංශයේ ආගමික සහ සාරධර්ම අධ්‍යක්ෂ එස්. බී. එම්. නිමල් ධර්මසිරි මහතා පවසයි.
වෙසක් සතිය පිලිබද උපදෙස් ඇතුලත් චක්‍රලේඛයක් අප්‍රෙල් මස 21 වැනිදාට පෙර විදුහල්පතිවරුන් වෙත යොමුකර ඇති බවත් වාර්තා වෙයි.
මැයි 15 සිට 23 වැනිදා දක්වා ජාතික වෙසක් සතිය රජය විසින් ප්‍රකාශයට පත්කර තිබේ.
නමුත් මේ වන විට රටේ පවතින තත්ත්වය සැලකිල්ලට ගෙන සිසු සිසුවියන් වැඩි වශයෙන් ඒකාරාශී නොකර අවශ්‍ය ආකාරයට පමණක් වැඩසටහන් සංවිධානය කිරීම පිලිබද නව උපදෙස් හෙට (07) විදුහල්පතිවරුන්ට ලබාදීමට නියමිතව ඇත.