FAST NEWS

24×7 Around the Globe

අද (06) දවසේ කාළගුණය..

 (ෆාස්ට් නිව්ස් | කොළඹ) –  අද (06) පස්වරු 2.00 න් පමණ පසුව ඌව සහ මධ්‍යම පළාත්වලත් මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික්කවල ස්ථාන කීපයක වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
මීට අමතරව සබරගමුව, දකුණු සහ බස්නාහිර පළාත්වල සිහින් වැසිවාර කිහිපයක් ඇති වීමේ හැකියාව පවතී.
ගිඟුරුම් සහිත වැසි ඇතිවන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇතිවිය හැක අතර අකුණු මඟින් සිදුවන අනතුරු අවමකර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසත් එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.
එමෙන්ම , පුත්තලම සිට කොළඹ හරහා ගාල්ල දක්වා වන වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.
මාතර සිට හම්බන්තොට හරහා මඩකළපුව දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල, විශේෂයෙන් සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී තැනින් තැනවැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
දිවයින වටා මුහුදු ප්‍රදේශවල සුළං නිරිත දෙසින් හමන අතර සුළගේ වේගය පැ.කි.මී. 25-35 පමණ විය හැකි බැවින් ඒ පිළිබදව ධීවර හා නාවුක ප්‍රජාව විශේෂයෙන් අවධානය යොමුකරන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලා සිටියි.