(ෆාස්ට් නිව්ස් | කොළඹ) – විල්පත්තුව, පූක්කුලම් වෙරළ ප්රදේශයේ මාළු වාඩියක තිබී නිතිවිරෝධි ධීවර දැල් 60ක් ඊයේ (05) වයඹ නාවික පිරිසක් විසින් සොයාගෙන තිබේ.
ඒ අනුව, නාවික හමුදා නිලධාරීන් විසින් අද (06) අලුයම පුක්කුලම් වෙරළ ප්රදේශයේ ධීවර නිවාස ඇතුළුව සිදුකරන ලද පරීක්ෂාවේදී හිමිකරුවකු නොමැතිව මාළු වාඩියක දමාගොස් තිබූ මීටර් 500 ක් දිගින් යුත් නයිලෝන් වර්ගයේ තහනම් ධීවර දැල් 60 ක් සොයාගෙන ඇත.
අදාල පරීකෂාවෙන් පසු නාවික හමුදා භාරයට ගත් මෙම තහනම් දැල් ඉදිරි නීතිමය කටයුතු සඳහා මන්නාරම, ධීවර පරීක්ෂක කාර්යාලය වෙත භාර දීමට කටයුතු කරයි.








