FAST NEWS

24×7 Around the Globe

පොලිස් වෙඩි ප්‍රහාරයකින් පුද්ගලයෙක් මරුට…

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ඊයේ රාත්‍රියේ මාරවිල නගරයේ දී පොලීසිය සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය සදහන් කරයි.
පොලිසිය විසින් සිදුකළ පරීක්ෂා කිරීමකදී දී සැකකරු පොලීසියට තියුණු ආයුධයකින් පහර දී ඇති අතර , එහිදී පොලීසිය සිදුකළ වෙඩි තැබීමකින් සැකකරු මියගොස් තිබේ.
මෙහිදී මියගොස් ඇත්තේ හලාවත ප්‍රදේශයේ පදිංචි 31 හැවිරිදි පුද්ගලයෙක්.
සැකකරුගේ තියුණු ආයුධ පහරදීමෙන් තුවාල ලැබූ පොලිස් නිලධාරියා මාරවිල රෝහලේ ප්‍රතිකාර ලබයි.