FAST NEWS

24×7 Around the Globe

ලඳු කැලෑවක තිබී කේරල ගංජා කිලෝ 140 ක් සොයාගැනේ…

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ඊයේ (05) පස්වරුවේ යාපනය විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරීන් හා යුද හමුදා නිලධාරීන් එක්ව සිදු කරන ලද සෝදිසි මෙහෙයුමක දී පලෙයි, චුන්ඩිකුලම් ලඳු කැලෑවක තිබී අයිතිකරුවෙකු නොමැති කේරල ගංජා කිලෝ ග්‍රෑම් 140 ක් හා ග්‍රෑම් 800 ක් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම කේරල ගංජා තොගය වැඩිදුර විමර්ශන සඳහා පලෙයි පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර තිබේ.