FAST NEWS

24×7 Around the Globe

විශේෂ පක්ෂ නායක රැස්විමක්..

(ෆාස්ට් නිව්ස් – කොළඹ) – ඉදිරි පාර්ලිමේන්තු කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා විශේෂ පාර්ලිමේන්තු රැස්වීමක් කථානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පස්වරු 2.00ට පාර්ලිමේන්තු සංකීර්ණයේදී අද (06) දිනයේ පැවැත්විමට නියමිතය.
මෙහිදි ඉදිරි පාර්ලිමේන්තු සතියේ න්‍යාය පත්‍රය සකස් කිරීම පිළිබඳව අවධානය යොමුකිරීමට නියමිතව බව කථානායක කාර්යාලය පවසයි.
මීට අමතරව පාර්ලිමේන්තුවේ ක්‍රියාත්මක වන නව ආරක්ෂිත වැඩපිළිවෙල සම්බන්ධයෙන් පක්ෂ නායකයින් දැනුවත් කිරීමට නියමිත බවත් පැවසේ.
මේ අතර ආරක්ෂක හේතුන් මත වසා දමා ඇති පාර්ලිමේන්තු ගැලරිය හෙට දිනයේ සිට විවෘත කිරීම සම්බන්ධයෙන්ද මෙහිදි සාකච්ඡා කෙරෙනු ඇති බ පැවසේ.