FAST NEWS

24×7 Around the Globe

පාසල් අද (06) ආරම්භ කෙරෙයි..

(ෆාස්ට් – නිව්ස්) – දෙවන  පාසල් වාරය සඳහා අදියර දෙකක් යටතේ අද (06) දිනයේ සිට පාසල් ආරම්භ කෙරෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.
ඒ අනුව 6 වසරේ සිට 13 වසර දක්වා සිසුන් සඳහා පමණක් අද දිනයේ පාසල් ආරම්භ කිරීමට නියමිතය.
ප්‍රාථමික අංශයන් එළඹෙන 13 වනදා ආරම්භ කෙරෙන බව අධ්‍යාපනය අමාත්‍යාංශය සඳහන් කළේය.
පසුගිය 22 වන දින පාසල් ආරම්භ කිරිමට නියමිතව තිබුණද පැවති අයහපත් ආරක්ෂක වාතාවරණය හේතුවෙන් එය කල්දැමීමට අධ්‍යාපන බලධාරීන් පියවර ගත්තේය.