FAST NEWS

24×7 Around the Globe

මීගමුවට ඇඳිරි නීතිය

(ෆාස්ට් නිව්ස් – කොළඹ) – මීගමුව පොලිස් කොට්ඨාසයට වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස් ඇඳිරි නීතිය පැනවු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා සඳහන් කළේය.
ඒ අනුව හෙට (06)  උදෑසන 7.00 දක්වා පොලිස් ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන බව හෙතෙම පැවසීය.
පොලිස් ඇඳිරි නීතිය ක්‍රියාත්මක පොලිස් වසම් වන්නේ, මීගමුව, කොච්චිකඩේ, කටුනායක, දිවුලපිටිය, කොටදෙණියාව, පමුණුගම, රද්දෝලුගම, සීදුව දුංගල්පිටිය, කටාන යන පොලිස් වසම් බව මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.