FAST NEWS

24×7 Around the Globe

රාජ්‍ය වෙසක් උත්සවය සම්බන්ධයෙන් වන සාකච්ඡාවක් හෙට (06)..

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පාස්කු ඉරිදා ප්‍රහාරයත් සමඟ මෙවර රාජ්‍ය වෙසක් උත්සවය සම්බන්ධයෙන් වන සාකච්ඡාවක් හෙට (06) පෙරවරුවේ බුද්ධශාසන අමාත්‍යාංශයේදී පැවැත්වීමට නියමිතය. 
ඒ සඳහා අමාත්‍යවරුන් කිහිප දෙනෙක් මෙන්ම බුද්ධශාසන, සංස්කෘතික, රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශ ලේකම්වරුන් මෙන්ම බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්, දිස්ත්‍රික් ලේකම්වරුන් සහ ත්‍රිවිධ හමුදා නිලධාරීන් සහභාගිවීමට නියමිතව තිබෙන බව වාර්තා වෙයි.