බලන්ගොඩ තංජන්තැන්න ප්‍රදේශයේ මෙරට නිෂ්පාදිත බෝ්ර් 12 වර්ගයේ ගිනිඅවියක් සමග 27 හැවිරිදි තරුණයෙක් ඊයේ රාත්‍රියේ (03) අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
බලන්ගොඩ හා කල්තොට පොලිසියේ නිලධාරීන් විසින් මෙම සැකකරු ගිනිඅවියක් සමග අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරු අද (04) බලන්ගොඩ මහෙස්ත්‍රාත් වරයා හමුවට ඉදිරිපත් කිරිමට නියමිතයි.








