FAST NEWS

24×7 Around the Globe

විදේශයේ නිෂ්පාදිත ආයුධ 2 ක් සමග සැකකරුවෙකු අඩංගුවට.

මාරවිල නාත්තන්ඩිය ප්‍රදේශයේ නිවසක තිබී ඉතාලියේ නිෂ්පාදිත පිස්තෝලයක් සහ ජර්මනියේ නිෂ්පාදිත රිවොල්වරයක් සමග සැකකරුවකු අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරු නාත්තන්ඩිය ප්‍රදේශයේ පදිංචි 30 හැවිදිරි අයෙක් වන අතර ඔහුව අද (04) මාරවිල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් මාරවිල පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි.