පාසල් වාරය ආරම්භයත් සමග පාසල් සඳහා දැඩි ආරක්ෂාවක් ලබා දීමට පියවර ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පවසයි.
මෙයට ත්‍රිවිධ හමුදාවේ සහය ලබා ගන්නා අතර පාසල් ගුරුවරුන් හා දෙමාපියන් සමඟ වැඩපිළිවෙලක් සකස් කර ගැනීමට පොලිසිවලට උපදෙස් ලබා දී ඇත.
මේ සඳහා පොලිස් මූලස්ථානයෙන් විශේෂ උපදෙස් මාලාවක් සියලුම පොලිස් ස්ථාන වෙත ලබා දී තිබේ
පාසල් අසල වාහන නතර කිරීම සම්පූර්ණයෙන් තහනම් කර ඇති අතර මේ කටයුතු සඳහා ජනතා සහයෝගය බලාපොරොත්තු වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පවසයි.








