FAST NEWS

24×7 Around the Globe

සියලු පාසල්වල ආරක්ෂක මෙහෙයුම් තවදුරටත්..

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – එළඹෙන 06 වනදා දෙවැනි පාසල් වාරය යළිත් ආරම්භ වන බැවින් දිවයිනේ සියලු පාසල් වල ආරක්ෂිත තත්ත්වයන් පරීක්ෂා කිරීම සඳහා මේ වනවිට විශේෂ වැඩපිළිවෙලක් දියත්කර තිබේ.
ඒ අනුව, දිවයිනේ බොහෝ ප්‍රදේශවල පාසල් හමුදා සාමාජිකයින් විසින් ඊයේ (03) දිනයේදීත් පරීක්ෂාවට ලක් කළේය.
කොළඹ ආනන්ද විද්‍යාලය ඇතුළු ප්‍රධාන පෙලේ පාසල් කිහිපයක් ද ඊයේ පරීක්ෂාවට ලක් කෙරුණු අතර, ඒ සදහා අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් ද එක්ව සිටියේය.