FAST NEWS

24×7 Around the Globe

ජයවර්ධනපුර සරසවිය 08 වැනිදා ඇරෙයි..

(ෆාස්ට් නිව්ස් – කොළඹ) – රටේ පවතින අරක්ෂක තත්වය නිසා දින නියමයක් නොමැතිව වසා දැමුනු ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය මැයි 08 දා යළි අධ්‍යයන කටයුතු අරඹන බව වැඩ බලන උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්‍ය සුදන්ත ලියනගේ මහතා පවසයි.
ඒ අනුව මානව ශාස්ත්‍ර හා සමාජීය විද්‍යාපීඨයේ අධ්‍යයන කටයුතු මැයි 08 වන දින ඇරඹෙන අතර මැයි 20 ඉංජිනේරු පීඨය ඇරඹේ.
අනිකුත් සියළු පීඨ මැයි 13 ඇරම්භ වීමට නියමිත අතර පශ්චාද් උපාධි පීඨය හා බාහිර උපාධි පාඨමාලා මැයි 11 ආරම්භ වේ.