FAST NEWS

24×7 Around the Globe

යාපනය විශ්ව විද්‍යාල සිසුන් දෙදෙනෙක් අත්අඩංගුවට…

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අද (03) යාපනය විශ්ව විද්‍යාලය හා විශ්ව විද්‍යාල නේවාසිකාගාරයේ සිදුකළ පරීක්ෂාවකදී එල්.ටී.ටී.ඊ නායක ප්‍රභාකරන්ගේ හා එල්.ටී.ටී.ඊ න්‍යායචාර්ය ඇන්ටන් බාලසිංහම්ගේ රුව රැගත් ජායාරූප දෙකක් ළඟ තබාගෙන සිටි යාපනය විශ්වවිද්‍යාල සිසුන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
යාපනය විශ්වවිද්‍යාලයේ කලා පීඨයේ ඉගෙනුම ලබන වයස අවුරුදු 23 ත් 24 ත් වන සිසුන් දෙදෙනෙකු එලෙස අත්අඩංගුවට ගෙන ඇති බව ආරක්ෂක අංශ සඳහන් කළේය.
විශ්වවිද්‍යාල ශිෂ්‍ය සංගම් කාර්යාලයේ අදාළ ජායාරූප තිබී ඇති බවද ආරක්ෂක අංශ සඳහන් කරයි.
ආරක්ෂක අංශ විසින් යාපනය විශ්වවිද්‍යාල භූමිය හා විශ්වවිද්‍යාල නේවාසිකාගාර පරීක්ෂාවට ලක්කරනු ලැබීය.