FAST NEWS

24×7 Around the Globe

ගෝඨාභයට යාපනය මහේස්ත්‍රාත් අධිකරණය සිතාසි නිකුත් කරයි..

 (ෆාස්ට් නිව්ස් | කොළඹ) – හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත යාපනය මහේස්ත්‍රාත් අධිකරණය විසින් හෙබයාස්කෝප් පෙත්සමක් නිකුත් කර තිබේ.
ඒ , පුද්ගල අතුරුදහන් වීමක් පිළිබඳව සාක්ෂි ලබාදීම සඳහායි.
අද (03) දින සාක්ෂි ලබාදීමට සිතාසි නිකුත් කර තිබුණද ඒ සඳහා වෙනත් දිනයක් ලබා දෙන ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණය හමුවේ ඉල්ලීමක් කර ඇත.
මේ වන විට රටේ පවතින ආරක්ෂක ආරක්ෂක තත්ත්වය හමුවේ අද දින සාක්ෂි දැක්වීමට ඉදිරිපත් වීම අපහසු බවත් ඒ සඳහා වෙනත් දිනයක් ලබාදෙන ලෙසත් නීතිඥවරයා අධිකරණය හමුවේ ප්‍රකාශ කර තිබේ.