FAST NEWS

24×7 Around the Globe

විපක්ෂ නායකගෙන් කථානායකට ලිපියක්…

(ෆාස්ට් නිව්ස් – කොළඹ) – ලබනන 07 වැනිදා පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු යෝජිත සභාව කල් තැබීමේ යෝජනාවට අදාළ විවාදය සම්බන්ධයෙන් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා කථානායකවරයා වෙත ලිපියක් යොමු කර ඇත.
ඒ අනුව එදින පස්වරු 5.30 සිට රාත්‍රී 7.30 දක්වා පැවැත්වීමට යෝජිත සභාව කල් තැබීමේ යෝජනාවට අදාළ විවාදය, රට තුළ පවතින තත්ත්වය විශේෂ තත්වයක් ලෙස සලකා එදින පස්වරු 1.00 සිට රාත්‍රි 7.30 දක්වා පැවැත්වීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස අදාළ ලිපියෙන් ඉල්පා තිබේ.