FAST NEWS

24×7 Around the Globe

හිටපු ආරක්ෂක ලේකම්ට හා පොලිස්පතිට එරෙහි පෙත්සම 21 වැනිදා සලකා බැලේ..

(ෆාස්ට් නිව්ස් – කොළඹ) – හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතාට සහ අනිවාර්ය නිවාඩු ලැබ සිටින පොලිස්පති පුජිත් ජයසුන්දර මහතාට එරෙහිව ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ලබන 21 වනදා සලකා බැලීමට බුවනෙක අලුවිහාරේ සහ ප්‍රීති පද්මන් සූරසේන යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල අද (03) තීරණය කළේය.
පොලිස්පතිවරයා ඇතුළු වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටීම සම්බන්ධයෙන් තමන් තවමත් තීරණයක් ගෙන නොමැති බව නීතිපතිවරයා අධිකරණයට දැනුම් දුන් අතර එම කරුණු සලකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණය පෙත්සම සලකා බැලීම සඳහා ලබන 21 වනදා කැඳවීමට නියෝග කිරිාමට කටයුතු කළේය.
බුද්ධි තොරතුරු ලැබී තිබියදී පාස්කු ඉරිදා දින කිතුණු දේවස්ථාන හා සංචාරක හෝටල්වලට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය වළක්වා ගැනීමට නොහැකි වීම තුළින් හිටපු ආරක්ෂක ලේකම්වරයා සහ පොලිස්පතිවරයා මහජනතාවගේ මූලික අයිතීන් කඩ කර ඇති බවට චෝදනා කරමින් අදාල පෙත්සම ගොනුකර ඇත.