FAST NEWS

24×7 Around the Globe

මුස්ලිම් පාසල්වල දෙවන වාරය ජුනි 10 වනදා ඇරඹේ..

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මුස්ලිම් පාසල්වල දෙවන පාසල් වාරය යළි ජුනි මස 10 වැනිදා ආරම්භ කිරීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි.
ලබන සඳුඳා (06) සිට රාමසාන් උපවාස සමය ආරම්භ වන බැවින් මෙම නිවාඩු කාලසීමාව ප්‍රකාශයට පත්කර තිබේ.
මුස්ලිම් පාසල් සඳහා දෙවන වාරයේ අධ්‍යයන කටයුතු පසුගිය අප්‍රේල් මස 17 වැනිදා ආරම්භ වූ අතර , අප්‍රේල් 21 වැනිදා එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයත් සමඟ දිවයිනේ සියළුම පාසල් වසා දැමීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගනු ලැබීය.