FAST NEWS

24×7 Around the Globe

මැයි 08 සිට මැයි 14 දක්වා ජාතික මදුරු මර්දන සතියක්..

(ෆාස්ට් නිව්ස් – කොළඹ) –  නිරිත දිග මෝසම් වර්ෂව ආරම්භ වීමත් සමඟ මදුරුවන් බෝවන ස්ථාන බහුලවන බැවින් ඩෙංගු මදුරුවන් බෝ වීමේ අවධානම ද ඉහළ යා හැකි බවත් ඒ අනුව මැයි 08 සිට මැයි 14 දක්වා ජාතික මදුරු මර්දන සතියක් ක්‍රියාත්මක කෙරෙන බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය පවසයි.
මදුරුවන් බෝ වන ස්ථාන ඉවත් කිරීම සඳහා මහජනතාව දැනුවත් කිරීම මෙහි අරමුණ බව පැවසේ.
ත්‍රිවිධ හමුදාව,පොලීසිය සහ සෞඛ්‍ය කාර්ය මණ්ඩල එක්ව මදුරුවන් බෝ වන ස්ථාන සොයා මෙහෙයුමක් දියත් කිරීමට ද නියමිත බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය කියයි.