FAST NEWS

24×7 Around the Globe

යාපනය විශ්ව විද්‍යාලයේ මහ ශිෂ්‍ය සංගමයේ සභාපති සහ ලේකම් අත්අඩංගුවට..

(ෆාස්ට් නිව්ස් – කොළඹ) – යුද හමුදාව , පොලිසිය සහ පොලිස් විශේෂ කාර්ය බළකාය එක්ව සිදුකළ යාපනය විශ්ව විද්‍යාලයේ සිදුකළ සෝදිසි මෙහෙයුමක් අතරතුර එල්.ටි.ටි.ඊ නායක වේලූපිල්ලේ ප‍්‍රභාකරන්ගේ රුව සහිත පෝස්ටර කිහිපයක් සමඟ යාපනය විශ්ව විද්‍යාලයේ මහ ශිෂ්‍ය සංගමයේ සභාපති සහ ලේකම් අද (03) අත්අඩංගුවටගත් බව කෝපායි පොලිසිය කියයි.
යාපනය විශ්ව විද්‍යාලයේ කලාපීඨය ඇතුළු පීඨ සහ නේවාසිකාගාර සිදුකළ සෝදිසියකදී මෙම පෝස්ටර කිහිපය හමුවී තිබේ.
විශ්ව විද්‍යාලයේ මහ ශිෂ්‍ය සංගමයේ ප‍්‍රධාන කාර්යාලයේ තිබී මෙම එල්.ටි.ටි.ඊ නායකයාගේ රුවසහිත පෝස්ටර හමුවී ඇති අතර එහි එල්.ටි.ටි.ඊ ප‍්‍රධානියකු වූ ඇන්ටන් බාලසිංහම් නැමැත්තාගේ ද පෝස්ටර කිහිපයක් තිබූ බව පොලිසිය කියයි.
මෙලෙස අත්අඩංගුවටගෙන ඇත්තේ යාපනය මහ ශිෂ්‍ය සංගමයේ සභාපති එන්.දිවාකරන්(24) හා ශිෂ්‍ය සංගමයේ ලේකම් එස්.බදිල්රාජ් (23) යන සිසුන් වේ.
ආරක්ෂක අංශ පවසා සිටියේ සෝදිසි මෙහෙයුමේදී ස්ථාන කිහිපයක තිබී තවත් සැකකටයුතු භාණ්ඩ හා යුද හමුදා සපත්තු (බූට්) කිහිපයක් ද සොයාගත් බවද පැවසේ.
සැකකාර සිසුන් දෙදෙනා යාපනය මහෙස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවත් පොලිසිය පවසයි.