FAST NEWS

24×7 Around the Globe

සුරාබදු පනතට අදාල සංශෝධන වහාම ගැසට් කරන්න – ජනපති…

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  සුරාබදු පනතට අදාල සංශෝධන වහාම ගැසට් කරන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අදාල අංශවලට උපදෙස් ලබාදී තිබේ.
ඒ , ඊයේ (02) දිනයේදී මත්ද්‍රව්‍ය මර්දනය සහ අපරාධ අවම කිරීම සම්බන්ධයෙන් ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවක් අතරතුරදීයි.
මත්ද්‍රව්‍ය වැරදි පිළිබඳ නීති දැඩිව ක්‍රියාත්මක කරමින් මතින් නිදහස් රටක් ගොඩනැගීමේ වැඩපිළිවෙල ශක්තිමත්ව සහ කඩිනම්ව ඉදිරියට ක්‍රියාත්මක කිරීමේ වැදගත්කම සහ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනය සඳහා ගෙනයන වැඩපිළිවෙල පිළිබඳව ද එහිදී සාකච්ඡා සිදුකර තිබේ.
රට තුල අපරාධ අවම කිරීම වෙනුවෙන් ක්‍රියාත්මක වැඩපිළිවෙලේ ප්‍රගතිය ද මෙහිදී අදාළ බළධාරීන් සමග සමාලෝචනයට ලක්කෙරිණ.
විෂ මත්ද්‍රව්‍ය ආඥා පනතට අදාල සංශෝධන ද කඩිනමින් සිදුකරන ලෙස ජනාධිපතිතුමා එහිදී උපදෙස් දෙනු ලැබීය.
බන්ධනාගාරගතව සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ බරපතල අපරාධකරුවන් බූස්ස බන්ධනාගාරය වෙත ගෙනයාම සහ විශේෂ කාර්යය බලකායේ ආරක්ෂාව මත මෙම කටයුතු සිදුකිරීම පිළිබඳව ද මෙහිදී විශේෂ අවධානය යොමු විය.