FAST NEWS

24×7 Around the Globe

සබරගමු විශ්වවිද්‍යාලය 08 වැනිදා ආරම්භ වේ…

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – රටේ පැවති තත්ත්වයත් සමග තාවකාලිකව වසා දැමුණු සබරගමුව විශ්වවිද්‍යාලයේ සියලුම පීඨවල අධ්‍යයන කටයුතු මැයි මස 08 වැනිදා ආරම්භ කරන බව විශ්වවිද්‍යාලයේ ලේඛකාධිකාරී වී.ඩී. කිත්සිරි මහතා සදහන් කළේය.
විශේෂයෙන් විශ්වවිද්‍යාලයේ නේවාසිකාගාර වල සිටින සියලුම සිසුන් මැයි 07 වැනිදා තමන්ට හිමි නේවාසිකාගාරයන්ට පැමිණිය යුතු අතර අනන්‍යතාව තහවුරු කිරීම සඳහා ශිෂ්‍ය වාර්තාපොත හෝ ශිෂ්‍ය හැඳුණුම්පත ඇතිව වාර්තා කළ යුතු බව ලේඛකාධිකාරීවරයා අවධාරණය කළේය.