FAST NEWS

24×7 Around the Globe

නීති උල්ලංඝනය කරමින් මෙරට රැදී සිටි විදේශිකයින් 04 ක් අත්අඩංගුවට..

 (ෆාස්ට් නිව්ස් | කොළඹ) –  ආගමන විගමන නීති උල්ලංඝනය කරමින් අවිස්සාවේල්ල – උක්වත්ත ප්‍රදේශයේ රැදී සිටි 26 සහ 31 හැවිරිදි නයිජීරියානු ජාතිකයන් දෙදෙනෙක් පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
ග්‍රෑන්ඩ්පාස් – සේදවත්ත ප්‍රදේශයේදී ද , 24 සහ 25 හැවිරිදි පාකිස්තාන සහ බංග්ලාදේශ ජාතිකයින් දෙදෙනෙකු ද, පොලිසිය විසිනි ඊයේ රාත්‍රියේදී අත්අඩංගුවට ගනු ලැබීය.
මෙම සැකකරුවන් අද අලූත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.