FAST NEWS

24×7 Around the Globe

‘ආවා’ කල්ලියේ දෙවැනියා යාපනයේදී STF අත්අඩංගුවට..

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් යාපනය කොකුවිල් ප්‍රදේශයේදී සිදුකළ මෙහෙයුමකදී ‘ආවා’ කල්ලියේ දෙවැනියා ලෙස කටයුතු කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.
අදාළ සැකකරු වෙත යාපනය මහේස්ත්‍රාත් අධිකරණය මගින් විවෘත වරෙන්තුවක් ද නිකුත් කර ඇති බව වාර්තා වේ.
සැකකරු ප්‍රදේශයේ සිදුකළ අපරාධ රැසකට සම්බන්ධ බවට තොරතුරු ලැබී ඇති අතර, වැඩිදුර විමර්ශන සඳහා යාපනය පොලීසියට භාරදී තිබේ.