FAST NEWS

24×7 Around the Globe

ෆොනී සුළි කුණාටුව දිවයිනෙන් ඉවතට යයි..

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අද (03) අලුයම වන විට ෆොනී සුළි කුණාටුව යාපනයේ සිට කිලෝමීටර් 1140 ක් පමණ දුරින් ස්ථානගතව පැවති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරයි.
ඒ අනුව බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ ශ්‍රී ලංකාවට ඊසාන දෙසින් නිර්මාණය වූ අතිශයින් චණ්ඩ ෆොනී සුළි කුණාටුව මේ වන විට දිවයිනෙන් බැහැරට ගමන් කරමින් සිටියි.
මෙහි බලපෑමෙන් දිවයිනේ ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 100 ත්, 150 ත් අතර තද වැසි ඇති විය හැකි බවත් සදහන් වේ.