FAST NEWS

24×7 Around the Globe

හානියට පත් දේවස්ථාන ප්‍රතිසංවර්ධනය කිරීම ඇරඹෙයි…

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ත්‍රස්ත ප්‍රහාරයෙන් හානියට පත් දේවස්ථාන ප්‍රතිසංවර්ධනය කිරීමේ කටයුතු නිවාස ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ මගපෙන්වීම හා උපදෙස් යටතේ ආරම්භ කිරීමට පියවර ගෙන තිබේ.
රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ සහය ඇතිව ශ්‍රී ලංකා නාවික හමුදාව කොච්චිකඩේ දේවස්ථානයේ ප්‍රතිසංවර්ධන කටයුතු දැනටමත් ආරම්භ කර ඇති අතර , මීගමුව කටුවපිටිය දේවස්ථානයේ ප්‍රතිසංවර්ධන කටයුතු ද ශ්‍රී ලංකා යුද හමුදාව සහ ඉංජිනේරු සංස්ථාව ඒකාබද්ධව හෙට (03) ආරම්භ කිරීමට නියමිතය.
දේවස්ථානවල ප්‍රතිසංවර්ධන කටයුතු ඉතා කඩිනමින් සහ ගුණාත්මක බවින් සිදුකරන ලෙසත් , ඒ සදහා අවශ්‍ය ප්‍රතිපාදන අමාත්‍යංශය විසින් සපයන බවත් සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කරයි.