FAST NEWS

24×7 Around the Globe

කිංග්ස්බරි හෝටලයේ මරාගෙන මැරෙන බෝම්බකරුට අයත් යතුරු පැදියක් හමුවේ..

(ෆාස්ට් නිව්ස් – කොළඹ) – පසුගියදා සිදුවු පාස්කු ඉරුදින ප්‍රහාරයේදි කොළඹ කිංග්ස්බරි හෝටලයේ මරාගෙන මැරෙන බෝම්බය පුපුරවාගත් මොහොමඩ් අසාම් මොහොමඩ් මුබාරක්ට අයත් එෆ් ඉසෙඩ් වර්ගයේ යතුරුපැදියක් කුලියාපිටිය පොලිස් පරීක්‍ෂකවරයකුට ලද පෞද්ගලික තොරතුරක් මත පොලිස් බාරයට ගත් කුලියාපිටිය පොලිසියට පවසයි.
ඩබ්ලිව් පි.වී.සී 4843 දරණ මෙම යතුරු පැදිය මරාගෙන මැරෙන බෝම්බකරු සන්තකව ඔහුගේ නමින්ම ලියාපදිංචි කර ඇති බව හෙළිව තිබේ.
එම යතුරුපැදිය 2017 අගෝස්තු මස 16 වැනිදා රුපියල් එක් ලක්‍ෂ අසූතුන් දහසකට කුලියාපිටිය ඇඹව ප‍්‍රදේශයේ ගැණුම්කරුවකු විසින් මිලදී ගනු ලැබ ඇති බවත් හෙළිව ඇති බව කියැවේ.
මිලදී ගැනීමේදී මරාගෙන මැරෙන බෝම්බකරු එය නැවත ලියාපදිංචිය සඳහා ලබාදුන් විවෘත ලිපි ලේඛන සමඟ බෝම්බකරුගේ ජාතික හැඳුනුම්පතේ පිටපතක් ද ලබාදී තිබූ පවසන පොලිසිය එම ලිපි ලේඛන ද වැඩිදුර විමර්ශන සඳහා රඳවාගත් බව පවසයි.
යතුරුපැදි අංක පිළිබඳව වට්ස්අප් සමාජ මාධ්‍ය ජාලය ඔස්සේ සංසරණය වූ රථවාහන අංක දැක ගැනුම්කරු බියට පත්ව කුලියාපිටිය පොලිසියේ පරීක්‍ෂක රොෂාන් වෙදමුල්ල මහතාට කළ දැනුම්දීම මත ගැනුම්කරුගේ යතුරුපැදිය පොලිස් බාරයට ගෙන ඇත.
ගැණුම්කරු හා මරාගෙන මැරෙන බෝම්බකරු අතර තිබුණේ මොනයම් සම්බන්ධයක් දැයි විමර්ශනය කුලියාපිටිය කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ නිළධාරීන් විසින් ගැණුම්කරු ඔවුන් බාරයට ගෙන වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.