FAST NEWS

24×7 Around the Globe

මේ ඉරිදා දේව මෙහෙයන් අවලංගු කිරීමට තීරණය කරයි..

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ලැබී ඇති ආරක්ෂක උපදෙස් අනුව මෙම ඉරිදා දේව මෙහෙයන්ද අවලංගු කිරීමට තීරණය කල බව කොළඹ අගරදගුරු නිල නිවස දැනුම් දෙයි.
රටේ පවතින ආරක්ෂක වාතාවරණය හමුවේ පසුගිය සතියේද ඉරිදා දේව මෙහෙයන් පැවැත්වූණේ නැත.
ඒ වෙනුවට කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පැවැත්වූ ඉරිදා දේව මෙහෙය සජීවීව සියලු රූපවාහිනී නාලිකා ඔස්සේ විකාශය කරනු ලැබීය.