FAST NEWS

24×7 Around the Globe

බාධාවකින් තොරව අඛණ්ඩව විදුලිය සපයනවා – ලංවිම

(ෆාස්ට් නිව්ස් – කොළඹ) – විදුලි බල ජලාශවල ජලධාරිතාව මේ වන විට 32% දක්වා ඉහළ නැග ඇති බැවින් බාධාවකින් තොරව අඛණ්ඩව විදුලිය සැපයුමට ලංකා විදුලිබල මණ්ඩලයට දැන් හැකියාව ලැබී ඇතැයි විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ හා මාධ්‍ය ප්‍රකාශ සුලක්ෂණ ජයවර්ධන මහතා පැවසීය.
අප්‍රේල් මස 10 දා වන විට ගිගාවොට් පැය 47 ක ඉල්ලුමක් තිබූ නමුත් දැන් එය ගිගාවොට් පැය 43 දක්වා අඩුවී ඇතැයි ජයවර්ධන මහතා සඳහන් කළේය.