FAST NEWS

24×7 Around the Globe

ලෝක ජනමාධ්‍ය නිදහස් දිනයට නිදහස් මාධ්‍ය ව්‍යාපාරයෙන් හෙට (03) විද්වත් සාකච්ඡාවක්..

(ෆාස්ට් නිව්ස් – කොළඹ) – ලෝක ජනමාධ්‍ය නිදහස් දිනය නිමිත්තෙන් නිදහස් මාධ්‍ය ව්‍යාපාරය විසින් සංවිධානය කරන ප‍්‍රසිද්ධ විද්වත් සාකච්ඡාවක් “සංවේදී සිදුවීම් වාර්තා කිරීමේ දී ජනමාධ්‍ය සතු වගකීම හා අභියෝග” යන මැයෙන් මැයි 03 වන සිකුරාදා ප.ව. 3.00 ට නාරාහේන්පිට කිරුල පාරේ අංක 96 දරණ ස්ථානයේ පිහිටි ශ්‍රී ලංකා පුවත් පත් ආයතන ශ‍්‍රවණාගාරයේ දී පැවැත්විමට කටයුතු යොදා ඇත.
මෙම විද්වත් සාකච්ඡාවට රත්මලාන වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලයේ උපෙද්ශක එම්.ජේ.ආර්.ඩේවිඩ් මහතා, ශ්‍රී ලංකා පුවත්පත් පැමිණිලි කොමිසමේ පැමිණිලි නිලධාරි ( සිංහල මාධ්‍ය) කමල් ලියනාරච්චි මහතා, සිලෝන් ඩේලි එක්ස්ප්‍රස් හා වික්එන්ඩ් ඩේලි එක්ස්ප්‍රස් හි ප්‍රධාන කර්තෘ හනා ඉබ්‍රාහිම් මෙනවිය සහ ප්‍රවීණ බ්ලෝග්කරුවකු හා සමාජ ක්‍රියාකාරිකයෙක් වන අජිත් පැරකුම් ජයසිංහ මහතා ද සහභාගි වීමට නියමිතය.