FAST NEWS

24×7 Around the Globe

පොදු සමාකාලයේදී යුද හමුදාව හැර ගිය 5900 ක් නැවතත් සේවයට..

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – නොදන්වා සේවය හැර ගොස් සිටින යුද හමුදා සාමාජිකයින් 5900 දෙනෙකු නැවත යුද හමුදා සේවයට වාර්තා කර ඇති බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් සුමිත් අත්පත්තු මහතා සඳහන් කළේය.
ප්‍රකාශයට පත් කර ඇති පොදු සමාකාලය තුළදී මෙම යුද හමුදා සාමාජිකයින් පිරිස නැවත පැමිණ ඇත.
සේවය හැර ගොස් සිටින යුද හමුදා සමාජිකයින් හට නීත්‍යානුකුළ අස්වීම් ලබා ගැනීම සඳහා පොදු සමා කාලයක් පසුගිය අප්‍රේල් 22 වන දින සිට ලබන 10 වන දින දක්වා ක්‍රියාත්මක බව බ්‍රිගේඩියර්වරයා සදහන් කළේය.
සේවයට වාර්තා කර ඇති සාමාජීකයින් නීත්‍යානුකුලව අස්වීම් ලබා දීමට ඉදිරියේදි කටයුතු කරන බව සුමිත් අතපත්තු මහතා සඳහන් කළේය.
මාස 06 කට අඩු කාලයක් සේවයට වාර්තා කර නොසිටි යුධ හමුදා සාමාජිකයන්ට යළි සේවය පිහිටුවීම සඳහා අවස්ථාව ලබාදීම සම්බන්ධයෙන්ද අවධානය යොමු වී තිබේ.