FAST NEWS

24×7 Around the Globe

සහරාන් සමග ඡයාරූප ගත් පුද්ගලයෙක් අත්අඩංගුවට..

(ෆාස්ට් නිව්ස් – කොළඹ) – තව්හීත් ජමාත් නායක මොහොමඩ් කාසිම් මොහොමඩ් සහරාන් සමඟ ඡායාරූප ලබා ගෙන ඒවා සන්තයේ තබා ගෙන සිටි 31 හැවිරිදි මුස්ලිම් ජාතිකයකු යුද හමුදා බුද්ධි අංශයට ලද තොරතුරක් අනුව අත්අඩංගුවට යුධ හමුදාව විසින් අත්අඩංගුවට ගෙන පොලිසිය වෙත බාර දුන් බව කැකිරාව පොලිසිය කියයි.
මරදන්කඩවල නගරයේ උකස් මධ්‍යස්ථානයක් පවත්වා ගෙන පුද්ගලයෙක් බවත් පැවසේ.
සැකකරු අද (ද2) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවත් සිද්ධිය සම්බන්ධයෙන් කැකිරාව පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වන බවද වැඩි දුරටත් පැවසේ.