FAST NEWS

24×7 Around the Globe

රක්ෂණ සංස්ථාවේ ප්‍රධාන කාර්යාලයේ විශේෂ සෝදිසි මෙහෙයුමක්..

(ෆාස්ට් නිව්ස් – කොළඹ) – සැක කටයුතු පාර්සලයක් ඇති බවට අද (02) උදෑසන ලද තොරතුරක් මත හේතුවෙන් ආරක්ෂක අංශ එක්ව කොම්පඤ්ඤවීදිය වොක්ෂෝල් වීදියේ පිහිටි ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ ප්‍රධාන කාර්යාල ගොඩනැඟිල්ලේ විශේෂ සෝදිසි මෙහෙයුමක් සිදු කළ බව පොලිසිය පවසයි.
ගොඩනැඟිල්ලේ සිටි සියලු පුද්ගලයින් ඉවත් කර පොලිසිය, යුධ හමුදාව එක්ව මෙම සෝදිසි මෙහෙයුම සිදු කර ඇති අතර ඒ සඳහා පොලිස් නිල සුනඛයෙකු යොදාගෙන තිබේ.
කෙසේවෙතත් සිදුකළ පරීක්ෂාවේදී අදාළ පාර්සලයෙන් සැක කටයුතු කිසිවක් හමුවී නොමැති බවද පොලිසිය කියයි.