FAST NEWS

24×7 Around the Globe

‘පීස් ටීවී‘ විකාශය ටෙලිකොම් හා ඩයලොග් නවත්වයි..

(ෆාස්ට් නිව්ස් –  කොළඹ) – ශ්‍රී ලංකාවේ ඉස්ලාම් ධර්මය ප්‍රචාරය කෙරෙන  රූපවාහිනී නාලිකාවක් වන ‘පීස් ටීවී‘ නම් කේබල් රූපවාහිනි නාළිකාවෙ විකාශය නතර කිරීමට එම නාලිකාව විකාශය කළ ඩයලොග් සහ ටෙලිකොම් ආයතන පියවර ගෙන තිබේ. 
ඒ අනුව ඊයේ(30) සිට බල පැවැත්වෙන පරිදි එම කේබල් නාලිකාව විකාශය නතර  කිරීමට එම ආයතන පියවර ගෙන ඇත.
ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කිහිපයක විකාශය වන ‘පීස් ටී. වී.‘ කේබල් රූපවාහිනී නාලිකා අන්තවාදී ඉස්ලාම් ඉගැන්වීම් හා සම්බන්ධ වහබ්වාදය පැතිරවීමට යොදාගෙන ඇති බව මේ වනවිට අනාවරණ වී තිබේ.