FAST NEWS

24×7 Around the Globe

පෞද්ගලික අංශයේ අවම වැටුප ඉහළ නැංවිමට කැබිනට් අනුමැතිය..

(ෆාස්ට් නිව්ස් – කොළඹ) – පෞද්ගලික අංශයේ සේවකයින්ගේ අවම මාසික මූලික වැටුප රුපියල් 10000 සිට රුපියල් 12500ක් දක්වා ඉහළ නැංවීමට කැබිනට් අනුමැතිය හිමි වී තිබේ.
මේ යටතේ පෞද්ගලික අංශයේ දෛනික මූලික වැටුප රුපියල් 400 සිට රුපියල් 500 දක්වාත් ඉහළ නැංවීමට අවශ්‍ය නීතිමය ප්‍රතිපාදන සකස් කරන බව කම්කරු හා වෘත්තීය සබඳතා කැබිනට් නොවන අමාත්‍ය රවින්ද්‍ර සමරවීර මහතා සඳහන් කළේය.
මේ සම්බන්ධ පනත ලබන සතියේ පාර්ලිමේන්තු අනුමැතිය සඳහා යොමු කරන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.