FAST NEWS

24×7 Around the Globe

මෙරට සිටින සෞදි අරාබි ජාතිකයින්ට පිටවන්නැයි උපදෙස්..

(ෆාස්ට් නිව්ස් – කොළඹ) – මෙරට රැඳී සිටින සෞදි අරාබි ජාතිකයින්ට පිටව යන ලෙස ශ්‍රී ලංකාවේ පිහිටි සෞදි තානාපති කාර්යාලය ට්විටර් පණිවිඩයක් හරහා උපදෙස්  ලබාදී ඇති බව සෞදි රජයේ රූපවාහිනි සේවාව නිවේදනය කර ඇත.
ඉකුත්  පාස්කු ඉරිදා පුද්ගලයින් 250 කට අධික පිරිසකට මරු කැඳවමින් ශ්‍රී ලංකාවේ සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් පසු ඇතිවී තිබෙන වත්මන් ආරක්ෂක තත්ත්වය සැළකිල්ලට ගනිමින් ශ්‍රී ලංකාවේ පිහිටි සෞදි තානාපති කාර්යාලය මෙම නිවේදනය නිකුත් කර ඇති බව ගල්ෆ් නිව්ස් සේවය වාර්තා කර සිටියි.