දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද (01) දිනයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
ඒ අනුව බස්නාහිර, සබරගමුව, මධ්‍යම , දකුණ සහ වයඹ පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ත්, 150ත් අතර ඉතා තද වැසි ඇති විය හැකියි.
එමෙන්ම මන්නාරම සිට කන්කසන්තුරේ හරහා ත්රිකුණාමලය දක්වා වන ගැඹුරු මුහුදු ප්රදේශ හරහා විටින් විට හමන පැයට කිලෝමිටර් 100 දක්වා වන සුළං සමඟ මුහුදු ප්‍රදේශ ඉතා රළු විය හැක.
මේ නිසා උතුර, නැගෙනහිර, ඊසාන, ගිනිකොණ සහ වයඹ දෙසින් වන මුහුදු ප්‍රදේශවල නැවත දැනුම් දෙන තුරු ධීවර කටයුතුවලින් වළකින ලෙසට උපදෙස් ලබාදී ඇත.








