FAST NEWS

24×7 Around the Globe

ජපානයේ නව අධිරාජ්‍යයා ලෙස නරුහිතෝ කුමරු පත් වෙයි..

(ෆාස්ට් නිව්ස් – කොළඹ) – ජපානයේ නව අධිරාජ්‍යයා ලෙස එරට ඔටුන්න හිමි නරුහිතෝ කුමරු (59) අද (01) වැඩ භාර ගත් බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.
ඒ, ඔහුගේ පියා වන අඛිහිතෝ අධිරාජයා ඊයේ (30) සම්ප්‍රදායික චාරිත්‍ර අනුගමනය කරමින් සිය ධූරයෙන් සමුගැනීමෙන් පසුව ය.
ඒ අනුව 59 නරුහිතෝ කුමරුට මෙහිදී පාරම්පරිකව අධිරාජ්‍යයන්ගෙන් පැවත එන අධිරාජ්‍යයෙකුගේ බලය සංකේතවත් කෙරෙන කණ්නාඩියක්, කඩුවක් සහ මැණිකක් හිමිවනු ඇති.
ජපානයේ 126 වන අධිරාජ්‍යයා වන නරුහිතෝ කුමරු, ඔක්ස්ෆර්ඩ් සරසවියේ උපාධිධාරියෙකු වන අතර ඔහු ජපානයේ ඔටුන්න හිමි කුමරු බවට පත් වූයේ වයස අවුරුදු 28දී ය.