(ෆාස්ට් නිව්ස් – කොළඹ) – ජාත්‍යන්තර කම්කරු දිනය අදට (1) යෙදී ඇති අතර මෙවර රට තුළ උද්ගත වී ඇති තත්ත්වය සලකා බලා ප්‍රධාන දේශපාලන පක්ෂ විසින් මැයි රැලි සහ පෙළපාලි නොපැවැත්වීමට තීරණය කර ඇති නමුත් ප්‍රධාන දේශපාලන පක්ෂම හා වෘත්තීය සමිති කිහිපයක් සංකේතාත්මකව මැයි දින සැමරුම් උත්සව පැවැත්වීමට කටයුතු යොදා තිබේ.
ඒ අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සංවිධානය කරන මැයි දින සැමරුම් උත්සවය ‘ආරක්ෂිත මව්බිමක්-ජවය පිරි වැඩබිමක්’ තේමාව යටතේ කොළඹ ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී අද (1) පස්වරු 2.00ට පැවැත්වීමට නියමිතය.
එක්සත් ජාතික පක්ෂ ය මෙවර මැයි දින සැමරුම් උත්සවයක් නොපත්වන අතර දිවංගත ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ ගුණසැමරුම් උත්සවය පමණක් පැවැත්වීමට කටයුතු යොදා ඇත.
මෙම සැමරුම් උත්සවය අලුත්කඬේ රණසිංහ ප්‍රේමදාස පිළිරුව අසලදී අද (1) පෙරවරු 9.00ට පැවැත්වෙන අතර එය ආගමික වතාවත්වලට මුල් තැන දී කෙටි කාලයක් තුළ අවසන් කිරීමට පියවර ගෙන තිබේ.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඇතුළු ඒකාබද්ධ විපක්ෂ ය මගින් ද මැයි දින සැමරුම වෙනුවෙන් වැඩ සටහන් කිහිපයක් සංවිධානය කර තිබේ.
කෝට්ටේ නගර සභා ශාලාව, විපක්ෂධනායක කාර්යාලය සහ බත්තරමුල්ල ශ්රීම ලංකා පොදුජන පෙරමුණු ප්‍රධාන කාර්යාලය යන ස්ථානවල පැවැත්වෙන මෙම සැමරුම් වැඩසටහන්වලදී ආගමික වතාවත්වලට මුල්තැන ලබාදෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රකාශකයෙක් පැවසීය.
ජනතා විමුක්ති පෙරමුණ ද මෙවර පක්ෂව මූලස්ථානයේ දී උදෑසන 10.00ට කෙටි මැයි දින සැමරුමක් පැවැත්වීමට කටයුතු යොදා ඇති අතර පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන එම සැමරුමෙහි තේමාව වී ඇත්තේ ‘ජනතාවාදී පාලනයක් වෙනුවෙන් ජනතාව පෙළ ගස්වන මැයි දින රැලිය’ යන්නයි.
පෙරටුගාමී සමාජවාදී පක්‍ෂයද කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිටදී අද දහවල් 12.00ට සංකේතාත්මක මැයි දින සැමරුම් උත්සවයක් පවත්වන බව එම පක්ෂනය පවසයි.
මීට අමතරව ඇතැම් වෘත්තීය සමිතිද තම කාර්යාලවලදී කුඩා සැමරුම් උත්සව පැවැත්වීමට කටයුතු යොදා ඇති බව වාර්තා වේ.
මෙම සියලු මැයි දින සැමරුම් ඉතා චාම්ව කෙටි කාලයකින් අවසන් වන පරිදි පැවැත්වීමට සැලසුම් කර ඇත.
ප්‍රථම සිංහල බෞද්ධ නගරාධිපති, කම්කරු නායක ඒ.ඊ ගුණසිංහ මහතාගේ 128 වැනි ජන්ම දින සැමරුම් උළෙලද ගුණසිංහ ප්රාතිමාව අභියසදී අද (01) පෙරවරු 11.30ට පැවැත්වේ.
wpengine
Website:
This is the "wpengine" admin user that our staff uses to gain access to your admin area to provide support and troubleshooting. It can only be accessed by a button in our secure log that auto generates a password and dumps that password after the staff member has logged in. We have taken extreme measures to ensure that our own user is not going to be misused to harm any of our clients sites.