FAST NEWS

24×7 Around the Globe

විදුලිබලාගාරවල ආරක්ෂාව දැඩි කිරීමට පියවර – රවී කරුණානායක..

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මේ වන විට රටේ පවතින තත්ත්වය හමුවේ විදුලි බලාගාර සහ ඒ ආශ්‍රිත සියළුම අංශයන්ට ලබාදී තිබූ ආරක්ෂාව තවදුරටත් තහවුරු කිරීමට පියවර ගෙන තිබේ.
ඒ සඳහා ත්‍රිවිධ හමුදාවේ සහ ශ්‍රී ලංකා පොලීසියේ සහාය ලබාගැනීමට ක්‍රියාත්මක වූ අතර මේ වනවිට සමස්ත දිවයිනේම විදුලිබල ජාලයේ ආරක්ෂාව දැඩිලෙස තහවුරු කරන ලෙස විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා උපදෙස් ලබාදී ඇත.
ඒ අනුව රට තුළ ස්ථාපිත විදුලිබලාගාර , ඒ ආශ්‍රිත ජලාශ, සම්ප්‍රේෂණ මාර්ග පද්ධති, පද්ධති පාලන මධ්‍යස්ථාන මෙන්ම ග්‍රිඩ් උපපොළවල් වලද ආරක්ෂාව තර කිරීමට මේ වනවිට අවශ්‍ය පියවර ගෙන තිබේ.
සුරක්ෂිත මෙන්ම අඛණ්ඩ විදුලිබල සැපයුමක් වෙනුවෙන් දිවයින පුරා ඇති ලංකා විදුලිබල මණ්ඩලයට අයත් ප්‍රාදේශීය විදුලි ඉංජිනේරු කාර්යාල, පාරිභෝගික සේවා මධ්‍යස්ථාන මෙන්ම විදුලි ඩිපෝ වලද ආරක්ෂාව තර කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස අමාත්‍ය රවී කරුණානායක අදාළ අංශයන් වැඩිදුරටත් දැනුවත් කර තිබේ.